JoJo camp වෙත ඔබ සාදරයෙන් පිලිගන්නෙමු. වසර 3ක් පුරාවට digital අවකාශය ඔස්සේ අප දැයේ දුවා දරුවන්ගේ අද්‍යාපනය සහ මානව ගුනධර්ම ඉහල නැංවීමට ඉතා සාර්තකව කටයුතු කලෙමු. ඒ හරහා වසර 3ක් තුල දැයේ දුවා දරුවන් 20000කට අධික ප්‍රමානයකට අද්‍යාපනය ලබාදුන් ආයතනයක් ලෙස අප මහත් සතුටට පත්වන්නේ ඔබේ දුවා දරුවන්ගේ දැනුම කුසලතා සහ ආකල්ප ඉහල නැංවීමට ලැබූ අවස්තාව නිසාවෙනි. වර්තමානයේ ඇතිවී තිබෙන Digital අවකාශයේ නව පෙරලියත් සමග බොහෝ දුවා දරුවන් ජංගම දුරකතනය හරහා අද්‍යාපනය හදාරන්නට හුරුවී තිබෙන පසු බිමක අපගේ අද්‍යාපන ක්‍රමයද නව මාවතකට යොමුකරමින් මෙතෙක් ස්වයං අද්‍යන කට්ටලයක් ලෙස ඔබ නිවසට එවූ අපගේ කට්ටල Digital Application එකක් ලෙස ඔබට ලබාදීමට අප කටයුතුකර ඇත. මෙම App එක භාවිතාකිරීම තුලින් ඔබේ දරුවගේ ඉංග්‍රීසි දැනුම සහ අනෙකුත් කුසලතා සහ ආකල්ප ඉතා ඉහල නංවන අතර සමාජයට වැඩදායී පුරවැසියකු නිර්මාණය කිරීමේ අවස්තාව ඔබට හිමිවනු ඇත.